The Mirror Theory 🪞

The Mirror Theory 🪞

𝐌𝐢𝐫𝐫𝐨𝐫 𝐨𝐟 𝐄𝐫𝐢𝐬𝐞𝐝 𝐢𝐧 𝐇𝐚𝐫𝐫𝐲 𝐏𝐨𝐭𝐭𝐞𝐫 :

මතකද Harry Potter 1 එකේ Mirror of Erised scene එක? Harry mirror එකක් හම්බු වෙලා ඒක දිහා බලද්දි එයාගෙ නැතිවුන අම්මා සහ තාත්තව දකින්නෙ. මෙන්න මේ scene එක තුල ඇත්තටම ලොකු meaning එකක් තියනවා කියලයි මගෙ අදහස.

Harry Potter: What does this mirror do Professor?

Professor Dumbledore: It shows us nothing more or less than the deepest, most desperate desire of our hearts.

මෙතනදි Dumbledore කියනවා, only the happiest man on earth would not see anything කියලා, එහෙම නැත්තන් ඕනේම එක්කෙනෙක් මෙතනට ඇවිත් බලද්දි තමන් වැඩියෙන්ම vulnerable, වැඩියෙන්ම බලාපොරොත්තු වෙන දේ දකිනවා. 

Article content

𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐌𝐢𝐫𝐫𝐨𝐫 𝐓𝐡𝐞𝐨𝐫𝐲?

මට Harry Potter එකේ කතාවෙන් inspire වෙලා මෙහෙම දෙයක් විශ්වාස කරනවා. ඇත්තටම මේ theory එක makes sense in real life too. ඔයාලා මේ වෙද්දි ඕනේ තරන් අහලා ඇති බුද්ධ දර්ශනයෙ හේතු ඵල දහම හෝ අයිසෙක් නිව්ටන්ගෙ third law of motion, Every action has an equal and opposite reaction කියන දේ.

මේක එලියෙන් බලද්දි හරි සරලයි, නමුත් මේ thoery එක නිකන් iceburg එකක් වගේ. හරියට ගැඹුර තේරුන් ගන්න තරමට ඒක ඔයාගෙ ජීවීතයේ cheat-code එකක් විදිහටම වැඩකරනවා.

දැකලා තියනවද සමහර මිනිස්සු මාරම talented, හැබැයි try කරන දේවල් හරි ආකාරයෙන් සාර්ථක වෙන් නෑ. හෝ කරගන්න කිසිම දෙයක හරි satisfaction එකක් නෑ. මෙහෙම වෙන්නෙ mirror theory එක තුලින් බැලුවොත් හරිම සරල හේතු කිහිපයක් මත.

1. ඒ පුද්ගලයා කොච්චර talented වුනත්, තමන්ගේම ego එකට ලොකු weight එකක් දෙනවද, නැව ගිලෙන්න ගියත් "මම තමා හොඳම කපිතාන්" කියන මානසිකත්වයේද ඉන්නෙ?

2. ඒ පුද්ගලයා කොච්චර talented වුනත්, තමන්ගෙ insecurities address කරන්න අකමැතිකම නිසා අන් අය සමග තමන්ගෙ මනස තුලින්ම competition එකක්, comparison එකක් හදන් මහා ලොකු මවාපෑම් ගොඩක් සමග deep down අසතුටකද ඉන්නෙ?

3. ඒ පුද්ගලයා කොච්චර talented වුනත්, තමන් ගැන හරි self analysis එකක් කරන් strengths සහ weaknesses තෝරන් වැඩ කරන්න අකමැතිද?

අන්න මෙහෙම මිනිස්සුට mirror එක වැඩකරන්නෙ අර Harry Potter එකේ වගේම තම තමන්ගෙ deepest desires, wants සහ insecurities මතමයි. ඔයා කොච්චර ඒවා avoid කරලා උඩින් icing දැම්මත් ඔයාගෙ internal truth සහ action මතයි ඔයාගෙ external life එක හැදෙන්නෙ.

𝐑𝐞𝐭𝐢𝐜𝐮𝐥𝐚𝐫 𝐀𝐜𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐧𝐠 𝐒𝐲𝐬𝐭𝐞𝐦 𝐢𝐧 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 : Science වලට අනුව කතාකරොත් අපේ මොළයේ තියනවා Reticular Activating System කියලා දෙයක්. (a network of neurons in the brainstem that plays a critical role in regulating wakefulness, alertness, and attention)

ඔයාලට දැනිලා, දැකලා තියනවද ඔයා වෙනදට වඩා purposefully aware යම්කිසි goal එක්කට ජීවත් වෙද්දි patterns, signs? අර කතාවක් තියෙන්නෙ "it's easy to spot a yellow Lamborghini, if you want a yellow Lamborghini” කියලා.

සරලවම mirror theory in action. What we want, we see.

𝐇𝐨𝐰 𝐭𝐨 𝐮𝐬𝐞 𝐌𝐢𝐫𝐫𝐨𝐫 𝐓𝐡𝐞𝐨𝐫𝐲 𝐟𝐨𝐫 𝐲𝐨𝐮𝐫 𝐨𝐰𝐧 𝐠𝐨𝐨𝐝?

𝐖𝐡𝐚𝐭 𝐢𝐬 "𝐑𝐢𝐩𝐩𝐥𝐞 𝐞𝐟𝐟𝐞𝐜𝐭"?

පළමුව තමන්ව deeply තේරුන් ගන්න. කොළයක් සහ පෑනක් අරන් තනියෙන් ඉන්න වෙලාවක ඔයාගෙ deepest secrets, deepest insecurities, deepest wants (especially from childhood), childhood trauma list down කරන්න. ඔයා avoid කරන, denial එකේ ඉන්න ඔය කරුනු තමා ඔයාගෙ golden paths to success. ඕවා list down කරන්, හරි අද ඉදන් මං මේවාට පොඩි හරි action එකක් ගන්නවා කියලා වැඩ පටන් ගත්ත ගමන් ඔයාගෙ mirror එක ඒ data ගන්නවා ඉදිරි outcome වලට.

සරලව,

1. ඔයා unfit ද ජීවිතයේ පුරාම? වෙනස්කම් කරන්න පටන්ගන්න, කාලයත් සමහ results එක්ක එන්නෙ ඔයා නොහිතන opportunities, pathways

2. ඔයා පොඩි කාලයෙ ඉදන් attention බලාපොරොත්තු වෙනවද? (මේක ලංකාවෙ බහුතර ලොකු පොඩි හැමෝගෙම ලොකු ප්රශ්නයක්), පටන් ගන්න healthy worthwhile දේවල් තුලින් ඒ බලාපොරොත්තු වන අවදානය fulfill කරගන්න. බොළද සහ shortcuts තුලින් කවදාවත් root causes address වෙන් නෑ. දැකලා තියනවද කිසිම meaningful දෙයක් create කරන් නැති සමහර influencers? තමන්ගෙ නිරුවත තුලින් validation ලබාගන්න අය. මෙයාලා මේ dopamine එකට addicted. Believe me ඒක බරපතල drug addiction එක්කට සමානයි. කිසි හරි satisfaction එකක් ඇත්තටම නෑ. හිස් ජීවීත. ඔයාලා හිතන තරන් ඒ ජීවීත සුන්දර නෑ.

Ripple effect කියලා දෙයක් තියනවා. තමන් එන්න එන්නම තමන්ගෙ deepest truths address කරනවද, වැඩකරනවද, ඒකට සරිලන විදිහට තමන්ගෙ mirror එක හැදෙනවා. ඒක කොච්චර magical ද කියන්නෙ ඔයා තමා ඔයාගෙ internal self එක දන්නෙ. ඒක ඇතුලෙ hunger, vision, hard work, love, kindness සහ passion ද තියෙන්නෙ, ripple effect එක activate වෙන්න පටන්ගත්තාම ඔයාට හිතාගන්න බැරි වෙයි ඔයාට ලැබෙන දේවල්. "Return එක එන්නෙ එකට දෙක බැගින්"

If you are passionate, you will attract passionate people. Insecure people will watch you, go silent.

If you are kind, you will attract kind people. People will start loving you more. (Strangers you meet to public figures.)

අවසානයට කියන්න තියෙන්නෙ,

Your mirror doesn’t judge you. It simply shows you, you. And the more you give to it, the more “you”s it gives back.

Follow my public pages to support my long-term vision:

LinkedIn: www.linkedin.com/in/kelumgamage

Instagram: www.instagram.com/kelumgamage__

To view or add a comment, sign in

Others also viewed

Explore content categories